නැතිවූ සැරයන් ගැන පොලිසියෙන්ම ඔත්තුවක්


වව්නියාව කුඩාකච්චිකොඩියේ නිධන් හැරීමට ගිය ව්‍යාපාරිකයන් අත්අඩංගුවට නොගත් බව කියන සැරයන්වරයෙක් සිය කැමැත්තෙන්ම සැඟවී සිටිතියි පොලිසිය සැකකරයි.

මෙම ව්‍යාපාරිකයන් අත්අඩංගුවට නොගැනීමට එවකට වවුනියාවේ සිටි නියෝජ්‍ය පොලිස්පති දුන් බව කියන උපදෙස් අනුව මෙම සැරයන් ක්‍රියාකර ඇතැයිද පසුගිය අගෝස්තු 7 වැනිදා ඔහු කහටගස්දිගිලිය, මැදවච්චිය ප්‍රදේශයේ ස්කූටරයකින් ගමන් කරමින් සිටියදී තමා හමුවූයේයැයි කහටගස්දිගිලිය පොලිසියේ සැරයන්වරයෙක් අද කොළඹට පැමිණ ප්‍රකාශයක් කළේය.

සැකකාර සැරයන්වරයා එදිනම මිනිත්තු 16 ක් පුරා කතක සමග ජංගම දුරකථනයෙන් කතාකර ඇතැයිද එම කතටද ස්කූටරයක් ඇතැයිද පොලිසිය පවසයි.